ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් බල ගැන්වී ඇත.

කහ

කොහොඹ

කරාබු නැටි

කීකිරිඳිය

සහිඳ ලවණ

කුංකුම

කෝමාරිකා

අපගේ දර්ශනය

උග්‍ර ආතතිය, නින්ද ප්‍රමාණවත් නොවීම, අහිතකර ආහාර සහ පාරිසරික දූෂණය වැනි නූතන ජීවන රටාවේ බලපෑම් නිසා පැන නඟින පාරිභෝගික ගැටළු වලට විසඳුමක් ලෙස අවුරුදු 5000ක් ඉපැරණි ආයුර්වේද දැනුම භාවිත කිරීම Lever ආයුෂ් අපගේ දර්ශනයයි.

ආයුර්වේදය මීට වසර 5000කට පෙර පුරාණ වේදයන්ගෙන් ඇරඹී ඇත.

එය සරල, ප්‍රායෝගික සහ පරිසරය හා බැඳුණු සිරූර හා මනස සුවපත් 
කිරීමේ යාන්ත්‍රණයකි.

ආයුර්වේද ප්‍රකෘතිය මනාව අබවෝධ කරගැනීමෙන් සිරුරේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබේ.

Lever ayush නිෂ්පාදන වල අඩංගු ශාකසාර අමුද්‍රව්‍ය මෙන්ම ආයුර්වේද තෛල සහ චූර්ණයන් පරිසර දූෂණය, අහිතකර ආහාර වර්ග ආදිය නිසා වර්ථමානයේ මුහුණ පෑමට සිදුවන පාරිභෝගික ගැටළු වලට ස්වාභාවික විසඳුම් සහ සත්කාරයන් ලබා දෙයි.

වසර 5000ක  දැනුම රැගත් ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ලබාගත් ආයුර්වේද දැනුම උපයෝගී කරගෙන
ඔබ වෙත ගෙන එන Lever ayush නිෂ්පාදන, ආයුර්වේද තෛල, චූර්ණ සහ කල්ක සමග ඉතා බලසම්පන්න ස්වාභාවික අමුද්‍රව්‍ය වන කහ, කුංකුම, කොහොඹ,කීකිරිඳිය, කෝමාරිකා, කරාබුනැටි සහ සහිඳ ලුණු ආදියෙන් සැකසී ඇත.

පුරාණ ග්‍රන්ථ වල සඳහන් කර තිබූ ආයුර්වේද දැනුම ඇසුරෙන් සාදන ලද ආයුර්වේද වට්ටෝරු වලින් සමන්විත Lever ayush නිෂ්පාදන, හිසකෙස්, සම සහ දත් ආශ්‍රිත ගැටළු වලට විසඳුම් ලබා දී ජීවිතය සුවපත් කිරීමට මෙන්ම සිරුරේ මනා සමබරතාවය පවත්වාගෙන යෑමටත් උපකාර කරයි.

ඔබට ඉතා හිතකර ප්‍රතිඵල ලබාදීමට ඉපැරණි ආයුර්වේද ග්‍රන්ථ වලින් පැවත එන ආයුර්වේද ඖෂධවල බල මහිමය ප්‍රයෝජනවත් වන බව අපි තදින්ම විශ්වාස කරමු.

ස්වභාවදහමේ මහඟු ගුණ සාරයන් කැටි වූ අනර්ඝතම අමුද්‍රව්‍ය වලින් සුසැදි Lever ayush නිෂ්පාදන සමග වර්ථමානයේ මුහුණපාන පාරිභෝගික ගැටළු වලට විසඳුම් ලබා දීමට නිෂ්පාදනය කරන ලද ආයුර්වේද බල මහිමය කැටි වූ Lever ayush නිෂ්පාදන පෙළ සමග ස්වභාවධර්මයේ මහඟු ගුණ ඔබත් අත්විඳින්න.