ලීවර් ආයුෂ් ඇන්ටි හෙයාෆෝල් ආයුර්වේද ෂැම්පු

පංච කල්‍යාණය පිළිබඳව කතා කරන විට සැළකිල්ලට ගන්නා එක් ප්‍රධාන අංගයක් වන්නේ කේෂ කල්‍යාණයයි. කෙස් කළඹ නිරෝගීව සහ සුන්දරව තබා ගැනීම සඳහා අතීතයේ පටන් භාවිතා කරන ලද ශාකසාර සහ තෛල සත්කාර බොහෝ වේ.

පුරාණයේ සිටම හිසකෙස් සත්කාර සඳහා ගනු ලබන තෛල වර්ග අතර කීකිරිඳිය යුෂ උපයෝගී කරගෙන සාදන ලබන බ්‍රින්ගරාජ තෛලය මූලික තැනක් ගනී.

හිසකෙස් නිරෝගීව මෙන්ම ශක්තිමත්ව දිගුවන්ව තබා ගැනීමද කාන්තාවන් සතු සිහිනයකි. අතීතයේ කෙස් කළඹ නිරෝගීව තබා ගැනීම උදෙසා දවසෙන් පැයක් හෝ එයට වැඩි වේලාවක් ගෙන හිසකෙස් වලට සත්කාර කිරීම සඳහා කාන්තාවන් පුරුදු වී සිටියත් වර්ථමාන කාර්‍යබහුලත්වය සමග එවන් සත්කාර ඔවුන්ගේ ජීවන රටාවෙන් වියැකී ගොස් තිබේ.

වර්තමාන කාර්‍යබහුලත්වය නිසා මෙම සත්කාර කිරීමට යොදවන කාලය අවම වුවත් පරිසර දූෂණය, අප විසින් ගන්නා ලබන අහිතකර ආහාර ආදිය, අහිතකර නිෂ්පාදන භාවිතා කිරීම නිසා හිසට සිදුවන බලපෑම් අවම කිරීම සඳහා නිසි හිස කෙස් සත්කාරයක් කිරීම වඩාත් වැදගත් වේ.

එවන් වූ කාර්‍යබහුල ජීවිතයකදී වුවත් බාහිර සහ පාරිසරික බලපෑම් නිසා ඇතිවන හිස කෙස් ගැටළු වලට කළ හැකි ගුණදායක සත්කාරයක් ලෙස Lever ayush Anti Hairfall Shampoo සැළකිය හැක.

Lever ayush Anti Hairfall Shampoo වසර 5000ක් පුරා පැවත එන ආයුර්වේද ඥානය යොදාගෙන සකසා ඇත. මෙහි අඩංගු කීකිරිඳිය ශාකසාරය හිසකෙස් කැඩියාම වළකා, කෙස් වැවීමට ඉඩ සලසයි. හිසකෙස් මුල සිට පෝෂණය කිරීමට බිරින්ඝමලකාදී තෛලය සමත්වෙයි.

කීකිරිඳිය හිසකෙස් වඩන, අසමසම පෝෂණ ගුණයන්ගේ බලයෙන් ගුණාත්මක කෙස් කළඹකට මඟ සාදන ඉපැරැණි ආයුර්වේදිය ඔසුවකි.

කීකිරිඳිය සහ අම්ලා සාරයෙන් අනූන බලසම්පන්න බ්‍රින්ඝමලකාදී ආයුර්වේදීය තෛලය, හිසකෙස් මුල සිට අග දක්වා පෝෂණය කර හිසකෙස් ගැලවී යාම වළකයි.

කීකිරිඳිය ශාකය ගෙන පිරිසිඳු කර, මද පවනේ වියළා කුඩු කර ඉන් මේස හැඳි දහයක් පමණ පොල්තෙල් භාගයක් සමග මුසු කොට ලිප තබා වතුර ගතිය සිඳුණු පසු ලිපෙන් බා නිවෙන්නට හැර සාදාගන්නා කීකිරිඳිය තෛලය අකලට හිසකෙස් වැටීම පාලනය කරමින්, නිරෝගී කෙස් කළඹක් ලබා දෙන ඔසුවකි.

හිසකෙස් හැලී ගොස් හිස් කබල මතුවන විට කීකිරිඳිය ශාකය ගෙන කොටා එම යුෂ හිසෙහි ගැල්වීමෙන් හිසකෙස් හැලීයාම අවම වන අතර, හිසරදයද අවම කිරීමට උපකාර වේ.

හිසකෙස් වැටීම පාලනය කර හිසකෙස් සුරකින, නිරෝගී කෙස් කළඹක් ඔබට ලබාදෙන Lever ayush Anti Hairfall Ayurveda Shampoo ඔබත් භාවිතා කරන්න.

ප්‍රතිලාභ:

හිසකෙස් හැලීයාම අවම කරයි.

ලබා ගත හැකි ප්‍රමාණය:

6ml | 175ml

භාවිතය

පියවර 1

තෙත හිසකෙස් මත ගල්වා සම්බාහනය කරන්න

පියවර 2

හොඳින් සෝදා හරින්න

පියවර 3

අඩංගු අමුද්‍රව්‍ය

ඉහළ ප්‍රතිඵල සඳහා:

දිනපතා භාවිතා කරන්න

අඩංගු අමුද්‍රව්‍ය

කීකිරිඳිය

හිස් කෙස් වැඩීම වර්ධනය කරන ආයුර්වේද ඔසුවකි.

බ්‍රින්ඝමලකාදී තෛලය

හිසකෙස් ශක්තිමත් කරන, ආයුර්වේද ඔසු 5කින් සුසැදි බලගතු තෛලයකි.