ලීවර් ආයුෂ් ඇන්ටි මාර්ක්ස් ෆේස් ක්‍රීම්

වසර සිය ගණනක් තිස්සේ ලොව පුරා ජනයා රූපලාවණ්‍ය ප්‍රතිලාභ සඳහා මෙන් ම විෂබීජ නසා සම සුරැකීම සඳහා කහ බහුලව භාවිතා කරයි.

කහ වල ඇති curcumin මිශ්‍රණයේ සම පැහැපත් කරන ගුණ අඩංගු බැවින් ඔබේ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දේ. එමෙන්ම එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ සමට හානිකර දේවල් වලින් සම ආරක්ෂා කර විෂබීජ නසා සම නිරෝගීමත් කරයි.

ආයුර්වේද ඔසුවක් ලෙස මෙන්ම ආහාර වර්ණ ගන්වන වර්ණකාරකයක් ලෙසද කහ ශාකයට විශේෂ තැනක් හිමිවේ. මෙහිදී ආයුර්වේද ඔසුවක් ලෙස කහ ශාකයේ කොළ, මල්, අල මෙන්ම ගොබ යොදා ගන්නා අතර ආහාර සඳහා යොදාගන්නේ අල සහ මල් ය.

ඉතාම ඈත අතීතයේ සිට ලංකාවේ භාවිතා කරන කහ ශාකයේ උපන් බිම ලෙස සළකන්නේ ඉන්දියාවය. දකුණු ඉන්දියාවේ  සිද්ධ වෛද්‍ය ක්‍රමයේදී කහ පළමුවෙන්ම ප්‍රතිකාර සඳහා යොදාගෙන තිබේ.

ආයුර්වේදයේ ප්‍රධානම ග්‍රන්ථ තුනක් ලෙස සැළකෙන චරක සංහිතාව, සුසෘතය සහ අෂ්ඨාංග හෘදය යන ග්‍රන්ථ තුනෙහිම කහ පිළිබඳව දීර්ඝ විස්තර ඇතුළත් කර ඇති අතර චරක සංහිතාව ග්‍රන්ථයේ කහ පිළිබඳව සඳහන් වන්නේ සමේ තරුණ බව රැකගැනීම උදෙසා භාවිතා කරන ප්‍රධානම ඔසුවක් ලෙසටය.

ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ නිසා කහ සමේ තරුණ බව සුරැකීමට මෙන්ම සම පැහැපත් කිරීමට යොදාගත හැකි මහඟු ඔසුවක් ලෙස සැළකේ

කහ වල ප්‍රතිඔක්සිකාරක ගුණ සමට දීප්තිය හා පැහැපත් පෙනුමක් ලබා දෙයි. කහ ඔබේ සමේ ස්වාභාවික දීප්තිය පුනර්ජීවනය කරන ශාකසාර නිෂ්පාදනයකි.

එවන් වූ සොබාදහමේ අපූර්ව ගුණයන්ගෙන් සමන්විත කහ සාරය සහ නෙල්ලි, සුදු හඳුන් මෙන්ම තවත් ඖෂධ රැසක් එක්කොට සාදන නල්පමාරදී තෛලයෙන් සුසැදි  Lever ayush Anti marks face cream සමග නිරෝගී සමක් ඔබටත්.

Lever ayush Anti marks face cream වසර 5000ක් ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල අඩංගු ඥානය අනුව සාදන ලද්දකි. කහවල අඩංගු පිරිසිදුකාරක ගුණය මුහුණේ පැහැපත් බාවය වැඩි කරන අතර, නල්පමාරදී තෛලය මුහුණේ ඇති කැළැල් ඉවත් කරයි.

කහ ආයුර්වේදයේ විෂබීජ මර්දනය සඳහා නිර්දේශ කර ඇත. කහ, පවිත්‍රකරණය හා සුවපත් කිරීමේ ගුණ සඳහා ද ප්‍රචලිතයි.

අසමසම ඔසු දාහතකින් සහ මුහුණේ ඇති ලප කැළැල් වළකන තෙල්වලින් ද සමන්විත නල්පමාරදී තෛලය මුහුණ පැහැපත් කර, මුහුණේ පැහැපත් බාවය ඔප් නැංවීමට උපකාරී වේ.

ප්‍රතිලාභ:

පිරිසිඳු, පිවිතුරු සමක් ලබාදේ.

ලබා ගත හැකි ප්‍රමාණය:

25g | 50g

භාවිතය

පියවර 1

මුහුණේ සහ බෙල්ලේ තිත් ලෙස තවරන්න

පියවර 2

මෘදුව සම්බාහනය කරන්න

ඉහළ ප්‍රතිඵල සඳහා:

පිරිසිඳු කරගත් මුහුණ මත දිනකට දෙවරක් ආලේප කරන්න

අඩංගු අමුද්‍රව්‍ය

කහ

විෂබීජ නසන, පිරිසිඳුකාරක ගුණ සපිරි, ඖෂධීය වටිනාකමක් සහිත ආයුර්වේද ශාකසාරයකි.

කුංකුමාදී තෛලය

සමේ අවපැහැ වීම් සහ ලප කැළැල් අවම කර, සමේ දීප්තිමත් සුන්දරත්වය වැඩිදියුණු කරන ආයුර්වේද ඔසු 17කින් සුසැදි තෛලයකි.