ලීවර් ආයුෂ් ඇන්ටි පිම්පල් ෆේස් වොෂ්

වසර සිය ගණනක් තිස්සේ ලොව පුරා ජනයා රූපලාවණ්‍ය ප්‍රතිලාභ සඳහා මෙන් ම විෂබීජ නසා සම සුරැකීම සඳහා කහ බහුලව භාවිතා කරයි.

අතීතයේදී ඉන්දියාවේ මෙන්ම ලංකාවේද රාජකුමාරිකාවන් තමන්ගේ රූප ස්වභාවය වර්ධනය කර ගැනීම සහ ආරක්ෂා කර ගැනීම සඳහාත් සමේ තරුණ බව මෙන්ම දීප්තිමත් බව සහ පැහැපත් බව ආරක්ෂා කරගැනීමටත්, වැඩි දියුණු කරගැනීම සඳහාත් කහ භාවිතා කළ බව පැරණි පොත පතෙහි සඳහන් වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ඈත අතීතයේදී රාජ කුමාරිකාවන් ඇතුළු කාන්තාවන් ස්නානයට පෙර කහ සමග සඳුන්, කොකුම් පොතු තම්බා, ඒවා අඹරා ශරීරයේ ගැල්වූ බවය.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා රෝග නිවාරණය කරන මහඟු ඔසුවක් ලෙස පුරාණ ආයුර්වේද ග්‍රන්ථ වල කහ පිළිබඳව සඳහන් වේ.

එමෙන්ම කහ භාවිතා කර සාදන ආයුර්වේද තෛලයන්ද ඇත. සමේ බිබිලි සහ ආසාදන ඇති වූ විට කහ භාවිතා කර සාදාගන්නා විවිධ අත් බෙහෙත් භාවිතා කරන්නේ කහ වල අඩංගු වන මහඟු විෂබීජ නැති කිරීමේ හැකියාව නිසාවෙනි.

කහ වල ප්‍රතිඔක්සිකාරක ගුණ සමට දීප්තිය හා පැහැපත් බවක් ලබා දෙයි. කහ ඔබේ සමේ ස්වාභාවික දීප්තිය පුනර්ජීවනය කරන ශාකසාර නිෂ්පාදනයකි.

එවන් වූ සොබාදහමේ අපූර්ව ගුණයන්ගෙන් සමන්විත කහ සාරය සහ නෙල්ලි, සුදු හඳුන් මෙන්ම තවත් ඖෂධ රැසක් එක්කොට සාදන නල්පමාරදී තෛලයෙන් සුසැදි  Lever ayush Anti pimple face wash සමග නිරෝගී සමක් ඔබටත්.

නල්පමාරදී තෛලය සමේ ඇතිවන කැසීම්, බිබිළි වැනි ආසාදන දුරලීම සඳහා මෙන්ම අවපැහැවීම් අවම කර අඳුරු ලප කැළැල් ඇතිවීම වළක්වා සමට දීප්තිමත් සුන්දරත්වයක් එක්කිරීම සඳහා යොදා ගන්නා ආයුර්වේද තෛල වර්ගයකි.

එමෙන්ම මෙම නල්පමාරදී තෛලය වැඩි වශයෙන් භාවිතා කරන්නේ සමේ ඇතිවන විවිධ රෝගාබාධ අවම කිරීම උදෙසාය. එයට හේතුව වන්නේ නල්පමාරදී තෛලය සතුව ඇති විෂබීජ නැසීමේ ගුණය සහ සම සුරැකීමේ ගුණයයි.

එවන් වූ ගුණ සහිත නල්පමාරදී තෛලය සහ කහ සාරයේ බලයෙන් සුසැදි ආයුර්වේද නිෂ්පාදනයන් සමේ දීප්තිමත් සුන්දරත්වය වැඩිදියුණු කරන අතරම, විෂබීජ නසා සම සුරක්ෂිත කරයි.

වසර 5000ක් පැරණි ආයුර්වේද ග්‍රන්ථයන්ගේ අඩංගු පාරම්පරික ඥානය යොදාගෙන නිෂ්පාදනය කළ Lever ayush Anti pimple face wash.

කහ වල ඇති විෂබීජ මර්දන හා සුවපත් කරවීමේ ගුණයද, නල්පමරාදී තෛලයේ එන මුහුණේ ඇති ආසාදන තත්ත්වයන් වැළක්වීමේ ගුණයද එක්ව ඔබේ මුහුණට දීප්තීයක් ලබා දීමට උපකාරී වේ.

ප්‍රතිලාභ:

කුරුළෑ රහිත සමක් ලබාදේ.

ලබා ගත හැකි ප්‍රමාණය:

40g | 80g

භාවිතය

පියවර 1

මුහුණ සහ බෙල්ල හොඳින් තෙතමාත්තු කරන්න

පියවර 2

ෆේස් වොෂ් බිංදු කිහිපයක් මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න

පියවර 3

මෘදුව සම සම්බාහනය කරන්න

පියවර 4

හොඳින් සෝදා හරින්න

ඉහළ ප්‍රතිඵල සඳහා:

දිනපතා භාවිතා කරන්න

අඩංගු අමුද්‍රව්‍ය

කහ

විෂබීජ නසන, පිරිසිඳුකාරක ගුණ සපිරි, ඖෂධීය වටිනාකමක් සහිත ආයුර්වේද ශාකසාරයකි.

නල්පමාරදී තෛලය

සමේ ඇතිවන කැසීම් සහ බිබිළි ආදිය අවම කර, සමේ දීප්තිමත් සුන්දරත්වය වැඩිදියුණු කරන ආයුර්වේද ඔසු 16කින් සුසැදි තෛලයකි.