ලීවර් ආයුෂ් ඔයිල් ක්ලියර් කොමාරිකා ෆේස්වොෂ්

කෝමාරිකා සහ ආයුර්වේද ඔසු රැසකින් සාදන ලද, දද වැනි සමේ රෝග වලට සහනය සලසා දෙන, සම පිරිසිඳු කරන පංචවල්කාදී තෛලය මුසු වූ Lever ayush oil clear aloe vera face wash, මුහුණේ තෙල් ගතිය අවම කර, නැවුම් පිවිතුරු සුන්දරත්වයක් ඔබට ලබාදෙයි.

කෝමාරිකා ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, අප්‍රිකාව සහ ඇමරිකාව වැනි ඌෂ්ණ කලාපීය රටවල ඉතා සරුවට වැඩෙන ආයුර්වේද වශයෙන් වැඩි වැදගත්කමක් සහිත ශාකයකි.

කෝමාරිකා ශාකය වර්තමානයේ බහුලව භාවිතා කරන අංශයක් ලෙස රූපලාවණ්‍ය සත්කාර අංශය හඳුන්වා දිය හැක.

ඖෂධීය වටිනාකමක් සහිත නිසා බොහොමයක් ෂැම්පු වර්ග, සබන්, ෆේස් වොෂ් සහ ක්‍රීම් ආදියේ කෝමාරිකා අඩංගු වේ.

මිනිස් සිරුරට අවශ්‍ය ඇමයිනෝ අම්ල 22න් 20ක්ම කෝමාරිකා ශාකයේ අඩංගු වන අතර ආහාරයක් ලෙස මෙන්ම ආලේපනයක් ලෙස ද කෝමාරිකා භාවිතා කළ හැක.

සමේ ඒකාකාරී පැහැය පවත්වා ගැනීම සඳහා කෝමාරිකා භාවිතා කළ හැක. ක්‍රමයෙන් වියපත් වෙත්ම මෙන්ම අව්ව, වැස්ස වැනි පාරිසරික කරුණු හේතු කොටගෙන සම වියපත් වීම, සම ඉරිතැළීම සහ සමේ ලප කැළැල් ඇතිවීම සාමාන්‍ය දෙයකි.

අපගේ ශරීරය තුළ මෙලනින් වැඩි වශයෙන් නිෂ්පාදනය වීම නිසා සමේ ඒකාකාරි පැහැය නැතිවීම සහ සමේ අඳුරු ලප කැළැල් ඇතිවීම සිදු වේ.

සමේ ඇතිවන බොහෝ ගැටළු සඳහා කෝමාරිකා භාවිතා කළ හැකි බැවින් කෝමාරිකා සළකන්නේ ස්වභාව දහමේ ඇති මහඟු ඔසුවක් ලෙසය.

සියයට අනූවක්ම ජලය අඩංගු වන අතර එයට අමතරව විටමින් A,C,E, ෆෝලික් අම්ලය සහ අනෙකුත් ඛනිජ ලවණ මෙහි අඩංගුය.

මෙවන් මහඟු ගුණ සපිරි කෝමාරිකා වලට අමතරව Lever ayush Oil Clear Aloe Vera Face Wash හි අඩංගු අනෙක් බලගතු ආයුර්වේද ඔසුව වන්නේ පංචවල්කාදී තෛලයයි.

පංචවල්කාදී තෛලය යනු සමේ ඇති වන දද සහ ආසාදන වැනි චර්ම රෝගයන් මැඩලිය හැකි ආයුර්වේද ඔසු රැසකින් සැදුම්ලත් තෛලයකි.

පංචවල්කාදී තෛලය කේරළ ආයුර්වේද මූලධර්ම මත පදනම්ව නිෂ්පාදනය කරන ලද්දකි. මෙය සෑදීමේදී පොල් හෝ තල තෙල් යොදා ගනී. පංචවල්කාදී තෛලය යොදා ගන්නේ බාහිර ආලේපනය සඳහා පමණි. කපු පුළුන් කැබැල්ලක ගල්වා තුවාළ සහ කැළැල් මත ආලේප කිරීම සුදුසු බව ආයුර්වේද පොත පතෙහි සඳහන් වේ.

එවන් ගුණ සහිත කෝමාරිකා සහ පංචවල්කාදී තෛලය මුසු වූ Lever ayush Oil Clear Aloe Vera Face Wash ඔබේ සමේ අඳුරු ලප කැළැල් සහ අවපැහැ වීම් දුරලා, සම සිසිල් කර, තෙතමනය රඳවා තබයි.

ප්‍රතිලාභ:

පිවිතුරු, නැවුම් සමක් ලබාදේ.

ලබා ගත හැකි ප්‍රමාණය:

40g | 80g

භාවිතය

පියවර 1

මුහුණ සහ බෙල්ල හොඳින් තෙතමාත්තු කරන්න

පියවර 2

ෆේස් වොෂ් බිංදු කිහිපයක් මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න

පියවර 3

මෘදුව සම සම්බාහනය කරන්න

පියවර 4

හොඳින් සෝදා හරින්න

ඉහළ ප්‍රතිඵල සඳහා

දිනපතා භාවිතා කරන්න

අඩංගු අමුද්‍රව්‍ය

කෝමාරිකා

සමේ තෙතමනය රඳවා ගනිමින්, සමේ නැවුම් බව සුරකින ඖෂධීය වටිනාකමක් සහිත ආයුර්වේද ශාකසාරයකි.

පංචවල්කාදී තෛලය

සමේ ඇතිවන කැසීම් සහ බිබිළි ආදිය අවම කර, සමේ තෙතමනය සහ නැවුම් බව සුරකින ආයුර්වේද ඔසු 18කින් සුසැදි තෛලයකි.