ලීවර් ආයුෂ් ඇන්ටි කැවිටි දන්තාලේපය

දත් සුදු පැහැ විම ගැන අප බොහෝ විට සැළකිලිමත් වන නමුත් දන්ත රෝග වළකා ගැනීම සහ දත් නිරෝගීව තබා ගැනීම පිළිබඳව දක්වන සැළකිල්ල බොහෝ විට අඩුය.

ඈත අතීතයේදී අපගේ මුතුන් මිත්තන් බොහෝ ශාකසාර අමුද්‍රව්‍ය යොදා ගෙන දත් රෝග නිවාරණය කර සුදුවන් නිරෝගී දත් දෙපෙළක් ලබා ගන්නා සත්කාර භාවිතා කරන ලදී.

පැරණි සිංහල සමාජයේ තිබූ ඖෂධීය දැහැටි වලින් දත් මැදීම නිසා එකල ජීවත් වූ බොහෝ පුද්ගලයන් නිරෝගී, දත් රෝග රහිත, සුදුවන් දත් දෙපෙළක් හිමි වූ පුද්ගලයන් විය.

මුඛයේ කෙළවරේ පිහිටි දත් මෙන්ම සියලු දත් වර්ග වලට අදාල රෝග නිවාරණය කිරීම සඳහා මෙන්ම දත් කැක්කුම් ඇති වූ විට වේදනාවන් සමනය කිරීම සඳහා ඈත අතීතයේ පටන්ම කරාබු නැටි සහ කරාබු නැටි තෙල් භාවිතා කරයි.

කරාබුනැටි තෙල්වලට ප්‍රධාන වශයෙන් බැක්ටීරියා වර්ග කිහිපයකට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇත. මෙයින් ඇතැම් බැක්ටීරියා වෙනුවෙන් ප්‍රතිබැක්ටීරියාකාරක මගින් සටන් කළත් මෙම සියළුම වර්ගයේ බැක්ටීරියා වෙනුවෙන් සටන් කළ හැකි තනි ප්‍රබල ඖෂධය වන්නේ කරාබුනැටි තෙල් වීම සුවිශේෂයි.

එමෙන්ම දත් කැක්කුම් වහා සමනය කර ගැනීම සඳහා ද කරාබු නැටි තෙල් භාවිතා කිරීමට හැක. දත් කැක්කුම් සෑදුණ විට කරාබුනැටි තෙල් භාවිතා කිරීම මගින් ක්ෂණික සහනයක් ලබා ගැනීමට හැක.

එමෙන්ම ඔබේ සිනහවට නව එළියක් එක්කරන්නට, දත් පෙළෙහි අවපැහැ බව දුර ලා සුදුවන් දත් දෙපෙළක් ඔබට ලබා දෙන්නට කදිම ඔසුවක් ලෙස කරාබුනැටි තෙල් හඳුන්වා දිය හැකිය.

දත් දිරායාම වළකා, ස්වාභාවිකවම දත් සහ විදුරුමස් ශක්තිමත් කරන, ලේ ගැලීම්, දත් කැක්කුම් හා කුහරවලට ඉක්මන් සුවය ලබා දීමට උපකාරී වන ආයුර්වේද ඔසු 15ක් මුසු කොට සාදන ලද දසනකාන්ති චූර්ණය සහ කරාබුනැටි තෙල් සාරයෙන් පිරිපුන්, Lever ayush anti cavity toothpaste ඔබට මුතුවන් දත් දෙපෙළක් උරුම කරයි.

ඈත අතීතයේ සිට දත් කුහර මර්දනය කිරීමට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස සලකන කරාබුනැටි තෙල් සහ විදුරුමස් සවිමත් කරන ආයුර්වේද ඔසු 15කින් සමන්විත, දසනකාන්ති චූර්ණයෙන් සැදුම්ලත් ලීවර් ආයුෂ් ඇන්ටි කැවිටි කරාබු නැටි දන්තාලේපය,

  1. දත් කුහර ඇතිවීම
  2. මුඛ දුඟද ඇතිවීම
  3. දත් කහ පැහැ වීම
  4. දත් කැක්කුම
  5. දත් වල මැලියම් බැඳීම
  6. අහිතකර බැක්ටීරියා ඇතිවීම
  7. සීනි නිසා ඇතිවන ඇසිඩ්
  8. විදුරුමස් ගැටළු
  9. දත් අවපැහැ වීම
  10. එනැමලය දිරාපත් වීම යන දන්ත රෝග 10කට ආයුර්වේද සත්කාරයක් සපයන අතර දත් ශක්තිමත් කරයි.

දත් කුඩු ලෙස භාවිතා කරන කේර්ළ සම්ප්‍රදාය අනුව නිෂ්පාදනය කරන ලද ආයුර්වේද ඔසුවක් ලෙස දසනකාන්ති චූර්ණය හඳුන්වා දිය හැක.

දසනකාන්ති චූර්ණයේ අඩංගු ප්‍රතිලාභ ලෙස දත් ශක්තිමත් කිරීම, විදුරුමස් වලින් ලේ ගැලීම, දත් කැක්කුම් සමනය කිරීම හඳුන්වාදිය හැක.

මුඛය, උගුර සහ දිව වැනි සියලුම රෝග සඳහා මෙන්ම දුර්ගන්ධය, විදුරුමස් දැවිල්ල, දන්ත සංවේදීතාවය වැනි රෝග වලට සහනය සලසා ආහාර රුචිය වර්ධනය කරන ආයුර්වේද ඔසුවක් ලෙස දසනකාන්ති චූර්ණය හඳුන්වාදිය හැක.

ප්‍රතිලාභ:

දත් කුහර ඇතිවීම වළක්වයි.

ලබා ගත හැකි ප්‍රමාණය:

40g | 70g | 120g

භාවිතය

පියවර 1

දත් බුරුසුවේ දන්තාලේප තවරන්න

පියවර 2

දත් වල ඇතුළත සහ පිටත තැවරෙන පරිදි දත් මදින්න

පියවර 3

ජලයෙන් කට හොඳින් සෝදා හරින්න

ඉහළ ප්‍රතිඵල සඳහා:

දිනකට දෙවරක් දත් මදින්න

අඩංගු අමුද්‍රව්‍ය

කරාබු නැටි තෙල්

දන්ත රෝග මර්දනය කීරිම සඳහා අතීතයේ සිට භාවිතා කරන ලද අමුද්‍රව්‍යයකි. විෂබීජ නසන ගුණ ඇති අතර දත් කැක්කුම් සමනය කර, මුඛ දුගඳ දුරු කරයි.

දසනකාන්ති චූර්ණය

දත් සහ විදුරුමස් සවිමත් කර, දන්ත රෝග මර්දනය කරන ආයුර්වේද ඔසු 15කින් සමන්විත ආයුර්වේද චූර්ණයකි.