ලීවර් ආයුෂ් කහ සබන්

වසර සිය ගණනක් තිස්සේ ලොව පුරා ජනයා රූපලාවණ්‍ය ප්‍රතිලාභ සඳහා මෙන් ම විෂබීජ නසා සම සුරැකීම සඳහා කහ බහුලව භාවිතා කරයි.

කහ වල ප්‍රතිඔක්සිකාරක ගුණ සමට දීප්තිය හා පැහැපත් පෙනුමක් ලබා දෙයි. කහ ඔබේ සමේ ස්වාභාවික දීප්තිය පුනර්ජීවනය කරන ශාකසාර අමුද්‍රව්‍යයකි.

Lever ayush purifying turmeric soap වසර 5000ක් පුරා පැවත එන ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් නුවණේ අනුසාරයෙන් සකසා ඇත. මෙහි අඩංගු කහ සම පැහැපත් කරමින් සමේ ගුණාත්මක බව සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරන අතර නල්පමාරදී තෛලය සමෙහි ඇතිවන ආසාදන වළකා, බැබළෙන සුන්දර සමක් ලබා දෙයි.

ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද රූපලාවණ්‍ය සත්කාර අතර ප්‍රධානම අමුද්‍රව්‍යයක් ලෙස කහ සැළකේ. ඖෂධීය ගුණ අතින් සමට වඩාත් හිතකර කහ සමේ දීප්තිමත් ස්වභාවය මෙන්ම සුන්දරත්වය ඔප් නංවාලීම සඳහාද උපකාර කරයි.

ඉන්දියානු රූපලාවණ්‍ය සත්කාර අතර ප්‍රධානම ස්ථානයක් කහ වලට හිමිවේ.  සමේ සුන්දරත්වය රැකගැනීමට සහ විෂබීජ වලින් සම සුරක්ෂිත කරගැනීම සඳහා ඔවුන් කහ වතුරෙන් මුහුණ සේදීම සිදුකරයි.

ඇතැම් රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සංවේදී සමට අහිතකර වන අතර එවන් විටක සමේ ආසාදන ඇතිවීම, කුරුළෑ බිබිළි හටගැනීම සුලබය. නමුත් කහ ආලේප කිරීම මගින් මෙම ආසාදන ආදිය ඇතිවීම වළක්වාලීමට හැකියාව ලැබේ.

ස්වාභාවික අමුද්‍රව්‍ය අඩංගු සම දීප්තිමත් කිරීමේ ඔසුවක් ලෙස ආයුර්වේදයේ සළකන නල්පමාරදී තෛලය, තල තෙල්, කහ, නෙල්ලි ආදී  ආයුර්වේද ඔසු 16කින් සමන්විත වේ.

නල්පමාරදී තෛලය ස්වාභාවික හිරු එළියෙන් සමේ සිදුවන අවපැහැවීම් වලට එරෙහි ආවරණයක් ලෙස ක්‍රියා කරන අතර, සම වයස්ගත වීම වළක්වා ලප කැළැල් ඇතිවීම අවම කරයි.

මෙවන් වූ ගුණ සපිරි කහ සහ නල්පමාරදී තෛලයෙන් සවිබල ගැන්වුණු Lever ayush කහ සබන් සමග සොඳුරු සමක් දැන් ඔබටත් ලබා ගත හැකියි.

කහ ආයුර්වේදයේ විෂබීජ මර්දනය සඳහා නිර්දේශ කර ඇත. කහ, පවිත්‍රකරණය හා සුවපත් කිරීමේ ගුණ සඳහා ද ප්‍රචලිතයි.

නල්පරමාදී තෛලය චර්ම ආසාදන හා කුෂ්ඨ වළක්වා ඔබේ සම පැහැදිලි සහ කාන්තිමත් කරවීමට විශේෂ ආයුර්වේද ඖෂධ 16ක් මුසු කොට සෑදූ ආයුර්වේද තෛලයකි.

Lever ayush purifying turmeric soap වසර 5000ක් පුරා පැවත එන ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් ඥානයේ අනුසාරයෙන්  සකසා ඇත.

 මෙහි අඩංගු කහ සම පැහැපත් කරමින් සමෙහි ගුණාත්මක බව රැක දෙයි, නල්පමරාදී තෛලය සමෙහි ආසාදන වලකා, පැහැපත් සමක් ලබා දෙයි.

ප්‍රතිලාභ:

සම පිරිසිඳු කරයි.

ලබා ගත හැකි ප්‍රමාණය:

100g

භාවිතය

පියවර 1

පෙණ නගින තුරු සම මත මෘදුව ආලේප කරන්න.

පියවර 2

සෑම ස්ථානයකම පැතිරෙන පරිදි ආලේප කරන්න

පියවර 3

මෘදුව සෝදා හරින්න

ඉහළ ප්‍රතිඵල සඳහා :

දිනපතා භාවිතා කරන්න

අඩංගු අමුද්‍රව්‍ය

කහ

විෂබීජ නසන, පිරිසිඳුකාරක ගුණ සපිරි, ඖෂධීය වටිනාකමක් සහිත ආයුර්වේද ශාකසාරයකි.

නල්පමාරදී තෛලය

සමේ ඇතිවන කැසීම් සහ බිබිළි ආදිය අවම කර, සමේ දීප්තිමත් සුන්දරත්වය වැඩිදියුණු කරන ආයුර්වේද ඔසු 16කින් සුසැදි තෛලයකි.