ලීවර් ආයුෂ් නැචුරල් ෆෙයාර්නස් ෆේස් ක්‍රීම්

ජන සමාජය තුළ කතා බහට ලක් කුංකුම, හෙවත් Saffron නමින් හඳුන්වනු ලබන වටිනා ඖෂධයක් වන මෙය, පෙර රජ දවස රාජ කුමාරියන්ගේ හා රජ බිසෝවරුන්ගේ ලාලිත්‍ය ඔපවත් කිරීමට සහ සොඳුරු සමක් ලබාදීම සඳහා යොදාගනු ලැබූ ප්‍රබල සුවඳවත් ආලේපනයක්ව තිබූ බව පැරණි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වේ.

සමේ අඳුරු ලප ඉවත් කර සමට පැහැදිළි දීප්තිමත් සුන්දරත්වයක් එක්කර දීම සදහා භාවිතා කරන කුංකුම හෙවත් Saffron සමේ වියළි බව දුරලා සමට නැවුම් බවක් ලබා දීමට හැකියාවක් ඇති ශාකසාර අමුද්‍රව්‍යයකි.

සම සුමුදු කිරීම සහ සමේ තෙතමනය රඳවා තබා ගැනීම කුංකුම හෙවත් Saffron සතුව ඇති තවත් අතිරේක ප්‍රතිලාභයකි.

කුංකුම නොහොත් saffron තමන්ගේ රූපය පිළිබඳව සැලකිලිමත් වෙන කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම ආරක්ෂාකාරීව, අතුරු ආබාධ වලින් තොරව සම ලස්සන කර ගැනීම සඳහා භාවිත කළ හැකි ඖෂධීය වටිනාකමකින් යුතු ස්වාභාවික අමුද්‍රව්‍යයකි. saffron නොහොත් කුංකුම මගින් සම පැහැපත් කිරීම, සම අවපැහැ ගැන්වීම වැළැක්වීම, සමේ තෙතමනය ආරක්ෂා කොට සමට දීප්තිය ලබාදීම ආදී ප්‍රයෝජන රැසක් ලබා දේ.

එමෙන් ම කුංකුම, රත්හඳුන්, නිලුපුල්, එළකිරි, පියුම් රේණු, සැවැන්දරා මුල්, කළු අගිල් ඇතුළු තවත් ඖෂධ දහයකට වැඩි ප්‍රමාණයක් එක් කරගෙන සාදාගන්නා කුංකුමාදී තෛලය ද සමට පැහැපත් සොඳුරු සුන්දරත්වයක් එක් කරයි.

සමේ ඇතිවන විවිධාකාර ගැටළු වලට පිළියමක් ලෙස යොදා ගත හැකි ශාකසාර ඔසු රැසක් එකතු කර ගෙන සාදන ලද ආයුර්වේද ඖෂධයක් ලෙස කුංකුමාදී තෛලය සැළකේ.

කුංකුමාදී තෛලයෙන් පිළිකම් කළ හැකි සමේ ආසාදන අතර සම අවපැහැ වීම, ආසාත්මිකතා, දද ආදිය මූලික තැනක් ගනී.

එමෙන්ම සමට දීප්තිමත් සුන්දරත්වයක් එක් කරලීමට සහ සමේ සෛල පුනර්ජීවනය කිරීමේ හැකියාවක්, තරුණ සහ සෞඛ්‍යය සම්පන්න සමක් ලබා දීමේ හැකියාවක්ද කුංකුමාදී තෛලයට ඇත.

ආයුර්වේදයට අනුව වාත, පිත සහ කඵ දෝෂ යන තුන්දොස් සමනය කිරීමට උපකාරී වේ. ස්නායු උත්තේජනය කරන ගුණයෙන් යුතු, වේදනා නාශක ගුණ සහිත, දද, කුෂ්ඨ වැනි සමේ ආසාදන සුව කරන ගුණයන්ද කුංකුම වල අඩංගු වේ.

Lever ayush natural fairness face cream වසර 5000 ක ආයුර්වේද දැනුම මුසු කොට නිපදවා ඇත.

 එහි අඩංගු කුංකුම හා කුංකුමාදී තෛලය මුහුණේ ඇති ලප කැළැල් දුරු කර, ස්වභාවික පැහැය ඔප් නංවා,  මුහුණ පැහැපත් කිරීමට උපකාරී වේ.

ප්‍රතිලාභ:

දීප්තිමත් සමක් ලබාදේ.

ලබා ගත හැකි ප්‍රමාණය:

50g

භාවිතය

පියවර 1

මුහුණේ සහ බෙල්ලේ තිත් ලෙස තවරන්න

පියවර 2

මෘදුව සම්බාහනය කරන්න

ඉහළ ප්‍රතිඵල සඳහා:

පිරිසිඳු කරගත් මුහුණ මත දිනකට දෙවරක් ආලේප කරන්න

අඩංගු අමුද්‍රව්‍ය

කුංකුම

දීප්තිමත් සමක් ලබා දීම සඳහා භාවිතා කරන, ඖෂධීය වටිනාකමක් සහිත ආයුර්වේද ශාකසාරයකි.

කුංකුමාදී තෛලය

සමේ අවපැහැ වීම් සහ ලප කැළැල් අවම කර, සමේ දීප්තිමත් සුන්දරත්වය වැඩිදියුණු කරන ආයුර්වේද ඔසු 17කින් සුසැදි තෛලයකි.