ආයුෂ් පිළිබඳව

නූතන ජීවන රටාවේ අහිතකර ප්‍රතිඵල නිසා අද පාරිභෝගිකයන්ට විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදු වී තිබේ. මෙසේ පැන නගින පාරිභෝගික ගැටළු වලට සොබා දහමේ ගුණ කැටි කරගත්, ඉපැරැණි ආයුර්වේද වට්ටෝරුවකට අනුව සැකසූ නිෂ්පාදන පෙළක් ඔස්සේ විසඳුම් ලබා දීම Lever ayush අපගේ උත්සාහයයි.

අපගේ කාර්යබහුල දින චර්යාව හේතුවෙන් ඇතිවන උග්‍ර ආතතිය, ප්‍රමාණවත් නින්දක්  නොමැති වීම, අහිතකර ආහාර සහ පාරිසරික දූෂණය වැනි ගැටලු නිසා අපගේ සිරුරේ නිරෝගීභාවයට අහිතකර බලපෑම් ඇති කරයි.

එහෙත් මෙම ගැටළුවලට විසඳුම් වසර පන්දහසක් ඉපැරණි දැනුම සහිත  ආයුර්වේද ග්‍රන්ථවල ලියැවී ඇති බව ඔබ දැන සිටියාද?
ආයුර්වේදයේ මුලික අරමුණක් වන්නේ ජනතාවගේ නිරෝගී බව රැකගැනීමට උපකාර කරන අතරම
රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමයි.

Lever ayush හි ඇති විශේෂත්වය වන්නේ අපෙන් ඔබට එදිනෙදා ජීවිතයේදී සොයාගැනීමට අපහසු ආයුර්වේද ඖෂධ රැසක් එකට මුසු කොට සෑදූ ආයුර්වේද තෛල, චූර්ණ සහ කල්ක සමඟ ඉතා බලසම්පන්න ස්වභාවික අමුද්‍රව්‍ය වන කහ, කුංකුම, කොහොඹ, කීකිරිදිය කරාබු නැටි, කෝමාරිකා සහ සහිඳ ලවණ වැනි දෑ අඩංගු වීමයි .

 එහි ප්‍රතිඵලයක් ලෙස lever ayush නිෂ්පාදන වල අන්තර්ගත සෑම ඖෂධයක්ම ඔබේ සම, හිසකෙස් මුහුණ හා දත් සඳහා ඉතාමත් හිතකර හා ගුණදායක වේ.

මෙලෙස අපගේ මුතුන්මිත්තන් විසින් නිර්මාණය කරනු ලැබූ ආයුර්වේද වට්ටෝරුවල සැඟව තිබූ ආයුර්වේද සාරය දැන් Lever ayush සැම නිෂ්පාදනයක ම අන්තර්ගත වී ඇත.

අතීතයේ පටන් අපේ මුතුන් මිත්තන් විසින් සම සුවපත් කිරීම සඳහා ගත් කෝමාරිකා, සම සොඳුරු කිරීම උදෙසා භාවිතා කරන ලද කුංකුම ආදිය මෙන්ම, විෂබීජ නසා සිරුර පිරිසිඳුව තබා ගැනීම සඳහා යොදාගත් කොහොඹ, කහ ආදියෙන් සුසැදි Lever ayush නිෂ්පාදන සමග ඔබත් ඔබේ දිවිය සුවපත් කරගන්න.

ආයුර්වේදය පිළිබඳව

ආයුර්වේදය යනු වසර පන්දාහකට වඩා ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියන,  ඉපැරැණි ග්‍රන්ථ පරිශීලනයෙන් ලබාගත් දැනුම ඇසුරින් බිහි වූ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයකි.

ආදී මානව ශිෂ්ඨාචාර ඇතිවීමත් සමඟ එවකට පැතිරුණු විවිධ රෝග පීඩා සමඟ සටන් කිරීමට එකල මානවයා හට සිදුවිය.

ඒ හේතුවෙන් ආයුර්වේදය මිනිසාගේ සෞඛ්‍යය තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් ඇරඹුණු වෛද්‍ය ක්‍රමවේදයක් ලෙසටද හැඳින්විය හැක.

ආයුර්වේදය සියලුම සෞඛ්‍යය අවකාශයන් කෙරෙහි අවධානය යොමු කරයි. මීට නිදසුන් ලෙස ආහාර චර්යාවන්, සිරුරේ උෂ්ණත්ව තත්ත්වයන්, නින්ද, ආතතිය වැනි මානසික තත්ත්වයන් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

ආයුර්වේදයේ එන මූලධර්මයන් ඕනෑම සංස්කෘතියක ඕනෑම කාලයකට ඔබින ලෙස සකස් කළ හැක්කේ එය සොබාදහමේ නීති හා චක්‍රයන්ගෙන් මුල් බැස ගෙන ඇති නිසාවෙනි.

ඈත අතීතයේ ශ්‍රී ලාංකීය ජනතාව නිරෝගී වීමට හේතු වූයේ ආයුර්වේදය නොහොත් දේශීය වෙදකම නිසාය.

නමුත් වර්තමාන ලාංකික ජනතාව ආයුර්වේදයේ සැබෑ තතු, ආයුර්වේදය යනු කුමක්දැයි නොදන්නා බැවින් එහි නියම ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වී ඇත.

 මෙයට හේතුව වන්නේ ආයුර්වේදය නැතහොත් දේශීය වෙදකම, අතීතයේ සිට පවතින අතර රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සිදු කිරීමේදී පැරණි ක්‍රමයන් අනුගමනය කරන නිසාත්, එදිනෙදා ජිවිතයේ පහසුවෙන් සොයාගත නොහැකි ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු වන නිසාත් වර්තමානයේදී ජනයා ආයුර්වේදය භාවිතයෙන් මදක් ඉවත් වීමයි.