ලීවර් ආයුෂ් වයිට්නින් දන්තාලේපය

සුදු පැහැ දත් දෙපෙළක් හැමෝගෙම සිහිනයක්. එනමුත් එය හැමෝටම සැබෑ වන සිහිනයක් නොවන්නේ අප විසින් කරනු ලබන වැරදි ආහාර පුරුදුය.  වැඩිපුර තේ, කෝපි, පැණිරස බීම වර්ග, දුම් පානය ආදිය නිසා දත් අවපැහැ වීමේ ඉඩකඩ වැඩිය.

සහිඳ ලවණ ආයුර්වේදයේ වඩා ජනප්‍රිය අමුද්‍රව්‍යයක් ලෙස සලකයි. එය වසර පන්දාහකට වඩා පැරණි පුරාණ ආයුර්වේද ග්‍රන්ථවල පවා දක්නට ලැබේ. එය මැග්නීසියම් සහ කැල්සියම් වලින් පොහොසත් ආයුර්වේද අමුද්‍රව්‍යයක් ලෙස සලකයි .

එමෙන්ම සුදුවන් දත් දෙපෙළක් ලබා ගැනීමට උපකාරී වන රූපලාවණ්‍ය අමුද්‍රව්‍යක් ලෙස  සහිඳ ලවණ වලට ඉතා ඉහළ අගයක් ලැබී ඇත.

එමෙන්ම ආයුර්වේද තෙල් මිශ්‍රණයක් සහ  සහ පැළෑටි වර්ග රැසක් මුසුකර සාදා ඇති අරමේදස් තෛලයද දත් ශක්තිමත් කිරීමටත් සුදු පැහැ කිරීමටත් අව පැහැ පැල්ලම් ඉවත් කිරීමටත් උපකාරී වේ.

හිමාලයානු ලුණු හෙවත් සහිඳ ලවණ වලින් මුව සේදීම, විදුරුමස් ආශ්‍රිතව පැතිරී ඇති බැක්ටීරීයා ඉවත් කිරීමට උපකාරී වේ.

හිමාලයානු ලුණු හෙවත් සහිඳ ලුණු වල අඩංගු වන ඛනිජ, හානි වූ දත් එනැමලය නැවත සකස් කිරීම සඳහා උපකාරී වේ. සහිඳ ලුණු වතුර මිශ්‍රණයකින් දිනපතා මුව සේදීමෙන් හෝ සහිඳ ලුණු අඩංගු දන්තාලේපයකින් දිනපතා දත් මැදීමෙන් විදුරුමස් රෝග, දත් දිරායාම, උගුරේ අමාරුව වැනි ආබාධ සුවපත් කරන අතර දත් සුදුවන් කිරීමට ද උපකාරී වේ.

පුරාණ ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන් වන පරිදි දත් කැක්කුම් ඇති වූ විට එය සමනය කිරීම සඳහා සහිඳ ලුණු කුඩු කර තල තෙලින් කකාරා කට සේදීම ප්‍රතිඵලදායක වේ.

දත් වල ශක්තිය වැඩි කිරීමට උපකාරී වන අරමේදස් තෛලය දත් දිරායාම සමනය කිරීමට සහ දත් වල ඇති පැල්ලම් ඉවත් කිරීමටද උපකාරී වේ. බලගතු ආයුර්වේද තෛලයක් වන අරමේදස් තෛලයේ වැල්මී, කුරුඳු, කරඳමුංගු, පැඟිරි, කහ, තල තෙල් ආදී ආයුර්වේද ඔසු 38 ක් අඩංගු වේ.

Lever ayush Whitening Rock Salt දන්තාලේපය වසර 5000ක් පුරා පැවත එන ආයුර්වේද ඥානයෙන් සැකසුණකි. මෙහි අඩංගු සහිඳ ලවණ සියවස් ගණනක් පුරාවට ප්‍රකට වී ඇත්තේ දත් සුදු පැහැගැන්වීමට වන අතර මෙහි ඇති අරමේදස් තෛලය දත් නිරෝගී කරවයි.

Lever ayush Whitening Rock Salt Toothpaste හි අඩංගු වන සහිඳ ලුණු සහ අරමේදස් තෛලයේ සාරය, දත් නිරෝගී කර, සුදු පැහැ කර සොඳුරු සිනහවක් ඔබට උරුම කර දෙයි.

ප්‍රතිලාභ:

සුදුවන් දත් දෙපෙළක් ලබාදේ.

ලබා ගත හැකි ප්‍රමාණය:

40g | 120g

භාවිතය

පියවර 1

දත් බුරුසුවේ දන්තාලේප තවරන්න

පියවර 2

දත් වල ඇතුළත සහ පිටත තැවරෙන පරිදි දත් මදින්න

පියවර 3

ජලයෙන් කට හොඳින් සෝදා හරින්න

ඉහළ ප්‍රතිඵල සඳහා:

දිනකට දෙවරක් දත් මදින්න

අඩංගු අමුද්‍රව්‍ය

සහිඳ ලුණු

සුදුවන් දත් දෙපෙළක් ලබා දීම සඳහා ආයුර්වේදයේ භාවිතා කරන අමුද්‍රව්‍යයකි.

අරමේදස් තෛලය

ආයුර්වේද ඔසු 38කින් සුසැදි අරමේදස් තෛලය දත් ශක්තිමත් කර දත් දිරායාම වළක්වයි.