ලීවර් ආයුෂ් ඔයිල් ක්ලියර් කෝමාරිකා සබන්

කෝමාරිකා සහ ආයුර්වේද ඔසු රැසකින් සාදන ලද පංචවල්කාදී තෛලය මුසු වූ Lever ayush Oil Clear Aloe Vera Soap මුහුණේ තෙල් ගතිය අවම කර නැවුම් පිවිතුරු සුන්දරත්වයක් මෙන්ම සිසිලසක් ගෙන දෙයි.

බහුලව වියළි කලාපයේ වැවෙන කෝමාරිකා හිරු එළියෙන් පිළිස්සුණු සහ අවපැහැ වුණු සමට ප්‍රත්‍යක්ෂ ඔසුවකි. එමෙන්ම ඉදිමීම්, තුවාළ සඳහා ද කෝමාරිකා භාවිතා කරයි.

උණු දියෙන් පිළිස්සුණු සමට කළ හැකි සත්කාරයක් ලෙස කෝමාරිකා ආලේප කිරීම සැළකේ.

සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී කෝමාරිකා ජෙල් භාවිතා කරයි. සමේ ඇතිවන පිළිස්සීම් සඳහා කෝමාරිකා භාවිතා කිරීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේදී ද භාවිතා කරයි.

කෝමාරිකා පහසුවෙන් සමට අවශෝෂණය වී සමේ තෙල් සහිත ස්වභාවය දුරලයි. එමෙන්ම වියළි සමේ තෙතමනය රඳවා තබා ගැනීම සඳහා ද කෝමාරිකා භාවිතා කරයි.

ස්නානයේ දී හෝ ඇඟ සේදීමේදී කෝමාරිකා අඩංගු සබන් ආලේප කිරීම මගින් ස්නානයෙන් පසු සමේ ඇතිවන වියළි ස්වභාවය දුරලීමට හේතු වේ. කෝමාරිකා වල අඩංගු වන සිසිල්කාරක ගුණය, සමේ ඇතිවන දද, කැසීම් ආදිය සුවපත් කිරීම සඳහා ද උපයෝගී කරගනී.

කෝමාරිකා මදය ගස්ලබු, යෝගට් සමග මුසු කොට මුහුණේ ආලේප කර විනාඩි කිහිපයක් තබා සේදීමෙන් පියකරු මුහුණක් ලබා ගත හැක.

මෙවන් මහඟු ගුණ සපිරි කෝමාරිකා වලට අමතරව Lever ayush Oil Clear Aloe Vera Face Wash හි අඩංගු අනෙක් බලගතු ආයුර්වේද ඔසුව වන්නේ පංචවල්කාදී තෛලයයි.

පංචවල්කාදී තෛලය යනු සමේ ඇති වන දද සහ ආසාදන වැනි චර්ම රෝගයන් මැඩලිය හැකි ආයුර්වේද ඔසු රැසකින් සැදුම්ලත් තෛලයකි.

පංචවල්කාදී තෛලය කේරළ ආයුර්වේද මූලධර්ම මත පදනම්ව නිෂ්පාදනය කරන ලද්දකි. මෙය සෑදීමේදී පොල් හෝ තල තෙල් යොදා ගනී. පංචවල්කාදී තෛලය යොදා ගන්නේ බාහිර ආලේපනය සඳහා පමණි. කපු පුළුන් කැබැල්ලක ගල්වා තුවාළ සහ කැළැල් මත ආලේප කිරීම සුදුසු බව ආයුර්වේද පොත පතෙහි සඳහන් වේ.

නමුත් වර්තමානයේ කාර්‍යබහුලත්වය හේතු කරගෙන ගෙවත්තේම ඇති කෝමාරිකා වලින් වුවත් නිවසේදීම සත්කාර කර ගැනීමට බොහෝ කතුන්ට නොහැක.

එබැවින් කෝමාරිකා සහ මහඟු බල ඇති පංචවල්කාදී තෛලයෙන් සැදුම්ලත් Lever ayush Oil Clear Aloe Vera Soap කාර්‍යබහුලත්වය නිසා රුව සරසන සත්කාර මගහැරුණු ඔබේ සමේ සැඟවුණු සුන්දරත්වය අවදි කරන, සමේ තෙතමනය රැකගනිමින් සමට නැවුම් සුන්දරත්වයක් එක්කරන ආයුර්වේද සත්කාරයකි.

ප්‍රතිලාභ :

සමට නැවුම් බවක් ගෙනදෙයි.

ලබා ගත හැකි ප්‍රමාණය:

100g

භාවිතය

පියවර 1

පෙණ නගින තුරු සම මත මෘදුව ආලේප කරන්න.

පියවර 2

සෑම ස්ථානයකම පැතිරෙන පරිදි ආලේප කරන්න

පියවර 3

මෘදුව සෝදා හරින්න

ඉහළ ප්‍රතිඵල සඳහා:

දිනපතා භාවිතා කරන්න

අඩංගු අමුද්‍රව්‍ය

කෝමාරිකා

සමේ තෙතමනය රඳවා ගනිමින්, සමේ නැවුම් බව සුරකින ඖෂධීය වටිනාකමක් සහිත ආයුර්වේද ශාකසාරයකි.

පංචවල්කාදී තෛලය

සමේ ඇතිවන කැසීම් සහ බිබිළි ආදිය අවම කර, සමේ තෙතමනය සහ නැවුම් බව සුරකින ආයුර්වේද ඔසු 18කින් සුසැදි තෛලයකි.