ලීවර් ආයුෂ් ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ආයුර්වේද ෂැම්පු

කොහොඹ යනු ඈත අතීතයේ සිටම ජනප්‍රිය රූපලාවණ්‍යය අමුද්‍රව්‍යකි. කොහොඹ වල ඇති වැදගත්කම වන්නේ කෙස් කළඹ ශක්තිමත් කර, හිස්සොරි පාලනය කර හිසට සිසිළසක් ගෙන දීමයි. එමෙන්ම මානසික ආතතිය, පරිසර දූෂණය නිසා ඇතිවන හිස් කෙස් වැටීමද පාලනය කරයි.

ඖෂධීය මෙන්ම දැවමය වටිනාකමකින් යුතු ශාකයක් ලෙස සළකන කොහොඹ ආයුර්වේදයේ බහුලව භාවිතා කරන්නා වූ ශාඛයකි. ආයුර්වේදයේ සඳහන් වන පරිදි කොහොඹ තිත්ත, සිසිලස සදන ශාඛයකි. වාත රෝග, කුෂ්ඨ රෝග, ඇස් රෝග්, සෙම් රෝග නිවාරණය සඳහා ද භාවිතා කරයි.

විශ්වීය සුවපත් කිරීමේ ගුණයන්ගෙන් අනූන වූ කොහොඹ නිතර භාවිතයෙන් හිස්කබල පිරිසිදු කර දිලීර ආසාදනවලට එරෙහිව ඉක්මන් සුවය ලබා දී, හිස් හොරි වදයෙන් මිදීමට උපකාරී කරයි.

රෝස්මරි තෛලය හිසකෙස් පෝෂණය කර කෙස් වැඩීමට රුකුල් දෙන බලසම්පන්න ආයුර්වේදීය තෛලයකි. බලගතු ආයුර්වේද ඔසු 6කින් සැදුම්ලත් රෝස්මරී තෛලයේ බොහෝ ගුණ අඩංගුය.

රෝස්මරී තෛලය හිසකෙස් වැටී යාම අවම කර හිසකෙස් ශක්තිමත් කිරීමේ මහඟු ගුණ රැගත් තෛලයකි. එමෙන්ම හිස්කබලේ කැසීම් ආදිය අවම කිරීම සඳහාද රෝස්මරී තෛලය උපයෝගී කර ගනී.

රෝස්මරී තෛලය හිසකෙස් සඳහා සුදුසු බව අධ්‍යයන වාර්ථා වලින්ද තහවුරු වී ඇත. හිසකෙස් වර්ධනය කර නිරෝගී කිරීම සඳහා රෝස්මරී තෛලය භාවිතා කළ හැකි ක්‍රම සහ විධි කිහිපයකි. හිස් කබලේ ආලේප කිරීමෙන්,  ෂැම්පු සමග මුසු කොට හිසකෙස් වල ආලේප කිරීමෙන් රෝස්මරී තෛලයෙන් හිසකෙස් සඳහා ලබා ගත හැකි උපරිම ප්‍රතිඵල ලබා ගත හැක.

Lever ayush Anti Dandruff Neem Shampoo වල අඩංගු කොහොඹ සාරය සහ රෝස්මරී තෛලයේ සාරයෙන් හිසසොරි රහිත, නිරෝගී සාරවත් කෙස් කළඹක් ලබා ගත හැක.

තෙත හිසකෙස් මත ගල්වා හොඳින් සම්බාහනය කර ස්නානය කිරීමෙන් මෙම ප්‍රතිලාභ ලැබෙන අතර, උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා Lever ayush Anti Dandruff Neem Shampoo දිනපතා භාවිතා කිරීම වඩාත් සුදුසු සත්කාරයක් ලෙස සැළකිය හැක.

Lever ayush Anti Dandruff Neem Shampoo  වසර 5000ක් පුරා පැවත එන ආයුර්වේද ඥානය යොදාගෙන සකසා ඇත. මෙහි අඩංගු කොහොඹ ශාකසාර සියුම් ලෙස හිස්කබල පිරිසිදු කරවයි, රෝස්මරි තෛලය හිසකෙස් පෝෂණය කරමින් හිසකෙස් වැඩීමට ඉඩ සලසයි. ආයුර්වේද ක්‍රමෝපායන් උපයෝගී කරගෙන නිෂ්පාදිත Lever ayush Anti Dandruff Neem Shampoo, හිස්සොරි මර්දනය කර නිරෝගී කෙස් කළඹක් ඔබට ලබා දෙයි.

ප්‍රතිලාභ:

හිස්සොරි මර්දනය කරයි.

ලබා ගත හැකි ප්‍රමාණය:

6ml | 175ml

භාවිතය

පියවර 1

තෙත හිසකෙස් මත ගල්වා සම්බාහනය කරන්න

පියවර 2

හොඳින් සෝදා හරින්න

පියවර 3

නැවත ගල්වන්න

ඉහළ ප්‍රතිඵල සඳහා:

දිනපතා භාවිතා කරන්න

අඩංගු අමුද්‍රව්‍ය

කොහොඹ

හිස් කබළ හොඳින් පිරිසිඳු කර, තෙතමනය රඳවාගන්නා, විෂබීජ නසන ගුණ සපිරි ශාකසාර අමුද්‍රව්‍යයකි.

රෝස්මරී තෛලය

හිසකෙස් වර්ධනය වැඩි කර හිසෙහි තෙතමනය රඳවාගන්නා ආයුර්වේද ඔසු 6කින් සුසැදි බලගතු තෛලයකි.