ලීවර් ආයුෂ් කුංකුම සබන්

Lever ayush Natural Glow Saffron Soap වසර 5000ක ආයුර්වේද දැනුම උපයෝගී කරගෙන නිමවා ඇති ආයුර්වේද නිෂ්පාදනයකි. කුංකුම සහ කුංකුමාදී තෛලයෙන් අනූන Lever ayush Natural Glow Saffron Soap සම පැහැපත් කර, සමට ගුණාත්මක බවක් සහ දීප්තිමත් සුන්දරත්වයක් එක්කරයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ සමට දීප්තිමත් සුන්දරත්වයක් හිමි කර ගැනීම සඳහා කළ යුතු වත් පිළිවෙත් මෙන්ම භාවිතා කළ යුතු අමුද්‍රව්‍යයන් බොහෝමයක් පිළිබඳව සඳහන් කරයි.

මින් ඉතාම විශාල ස්ථානයක් සහ වැදගත්කමක් හිමිවන ශාකසාර අමුද්‍රව්‍යයක් ලෙස කුංකුම සළකයි.  සමට ගැළපෙන බැක්ටීරීයා නාශක බලයක් සහිත, සමේ ඇතිවන අවපැහැවීම් දුරලා සම නැවතත් පුනර්ජීවනය කළ හැකි බලයක් කුංකුම වල අඩංගු වන බව ආයුර්වේද පොත පතෙහි සඳහන් වේ.

කුංකුම හෙවත් Saffron යනු කුරුළෑ  ළප කැළැල් නසා සමේ දීප්තිමත් සුන්දරත්වය සුරකින සහ එය වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ශාකසාර අමුද්‍රව්‍යයකි.

කුංකුම හෙවත් Saffron ඈත  අතීතයේ පටන් රාජ කුමාරිකාවන් තම රූ සපුව සුන්දරව සහ නිරෝගීව තබා ගැනීම සඳහා භාවිතා කරන ලද බව සඳහන්‍ ය.

ඉතා මිළ අධික අමුද්‍රව්‍යයක් ලෙස සැළකුවද රූපලාවණ්‍ය සත්කාර සහ රූපලාවණ්‍ය නිෂ්පාදන නිපදවීමේදී කුංකුම බහුලව භාවිතා කරයි. මක්නිසාද යත් එහි අඩංගු වන සමට දීප්තිමත් බවක් එක්කර දීමට ඇති හැකියාවයි.

කුංකුම හෙවත් Saffron වල බහුලව අඩංගු වන පොටෑසියම් සමේ සෛල පුනර්ජනනය කිරීම සහ අළුත්වැඩියාව සිදු කරන අතර දිලීර නාශකයක් ලෙසද කටයුතු කරයි.

කුංකුම රේණු සමේ ආලේප කිරීමෙන් කුරුළෑ ඇතිවීම පාලනය කරන අතර කුරුළෑ නිසා ඇතිවුණ ළප කැළැල් ඉවත් කිරීමද සිදු කරයි.

වර්තමානයේදී අපගේ වැරදි ආහාර පුරුදු, පරිසර දූෂණය යන විවිධ සාධක නිසා සමේ දීප්තිමත් සුන්දරත්වය වියැකී ගොස් සම වියළීම සමට වියපත් බවක් ලැබීම සුලභ කරුණක් වී තිබේ.

කාර්‍යබහුලත්වය නිසා ආයුර්වේද සත්කාරයන් නිවසේදීමකර ගත නොහැකි තත්ත්වය සහ කුංකුම මිළෙන් අධික වීම සහ ස්වාභාවික කුංකුම සොයා ගත නොහැකි වීම යන ගැටළු වලට බොහෝ කාන්තාවන් මුහුණ පා ඇත.

එවන් තත්ත්වයක් යටතේ ස්වාභාවික කුංකුම සහ කුංකුමාදී තෛලය  ගෙන නිෂ්පාදනය කරනු ලබන Lever ayush Natural Glow Saffron Soap සමේ ඇති ළප කැළැල් දුරලා සමට දීප්තිමත් සුන්දරත්වයක් එක් කරයි.

එවන් වූ ගුණ සපිරි Lever ayush Natural Glow Saffron Soap භාවිතයෙන් ස්වාභාවික සුන්දරත්වයක් ඔබටත් අත් කර ගත හැක.

ප්‍රතිලාභ:

සම දීප්තිමත් කරයි.

ලබා ගත හැකි ප්‍රමාණය:

100g

භාවිතය

පියවර 1

පෙණ නගින තුරු සම මත මෘදුව ආලේප කරන්න.

පියවර 2

සෑම ස්ථානයකම පැතිරෙන පරිදි ආලේප කරන්න

පියවර 3

මෘදුව සෝදා හරින්න

ඉහළ ප්‍රතිඵල සඳහා :

දිනපතා භාවිතා කරන්න

අඩංගු අමුද්‍රව්‍යය

කුංකුම

දීප්තිමත් සමක් ලබා දීම සඳහා භාවිතා කරන, ඖෂධීය වටිනාකමක් සහිත ආයුර්වේද ශාකසාරයකි.

කුංකුමාදී තෛලය

සමේ අවපැහැ වීම් සහ ලප කැළැල් අවම කර, සමේ දීප්තිමත් සුන්දරත්වය වැඩිදියුණු කරන ආයුර්වේද ඔසු 17කින් සුසැදි තෛලයකි.