කහ

ආයුර්වේද  ඔසුවක් ලෙස මෙන්ම ආහාර වර්ණකයක් ලෙසත් කහවලට  ආයුර්වේදයට අනුව වාත, පිත සහ සෙම් සමතුලනයට යොදා ගන්නා ඉතා බලවත් ස්වාභාවික අමුද්‍රව්‍යයකි. මෙයට අමතරව ස්වාභාවික විෂබීජනාශකයක් ලෙස සම්ප්‍රදායික භාවිතා කරන ඖෂධයක් ලෙසද හැඳින්විය හැක.

ඈත අතීතයේ පටන්ම සම සුන්දර කිරීමට සහ සමේ දීප්තිමත් බව ඉස්මතු කිරීම සඳහා අපගේ මුතුන් ඉත්තන් විසින් යොදාගන්නා ලද ශාකසාර අමුද්‍රව්‍යයකි.

කහ වල අඩංගු ප්‍රතිඔක්සිකාරක සම ආරක්ෂා කරන අතර සමේ දීප්තිමත් ස්වභාවය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.

පංච කල්‍යාණයේ එක් අංගයක් වන සම නිරෝගීව සහ සුන්දරව තබා ගැනීම සඳහා අතීතයේ සිට අපගේ මුතුන් මිත්තන් කහ ආයුර්වේදයට අනුව විවිධ ආකාරයෙන් භාවිතා කර තිබේ.  ඈත අතීතයේ දී බොහෝ කාන්තාවන් සමේ සුන්දරත්වය පිළිබඳව සැළකිලිමත් වීමේදී එහි නිරෝගී බවට මූලික ස්ථානයක් උරුම කර දී තිබිණ. නමුත් වර්ථමානය වනවිට විවිධ පාරිසරික ගැටළු, විෂබීජ, දුහුවිලි මෙන්ම අහිතකර ආහාර පාන, චර්‍යාවන් නිසා විනාශ වන මෙන්ම වියපත් වන සමේ වර්ණයට, නොඑසේනම් පැහැපත් බවට මූලික තැනක් ලැබී ඇත.

එබැවින් ශාකසාර අමුද්‍රව්‍ය භාවිතා කිරීම වෙනුවට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීමට බොහෝ යුවතියන්, කාන්තාවන්‍ යොමු වී සිටී.

වසර 4000ක් පමණ ඈත අතීතයේ සිට මෙරටදී භාවිතා කරනු ලබන කහ ශාකයේ ජන්ම භූමිය ලෙස සළකනු ලබන්නේ අසල්වැසි ඉන්දියාවය. පැරණි ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන් පරිදි සිද්ධ වෛද්‍ය ක්‍රමයේදී කහ ප්‍රතිකාර සඳහා ප්‍රථමයෙන්ම යොදා ගෙන තිබේ.

කහ වල අඩංගු ඖෂධීය ගුණ රාශියකි. ප්‍රතිඔක්සිකාරක ගුණය බහුලවම ඇති බැවින් සමේ තරුණ බව සුරැකීමට, සමේ දීප්තිමත්බව රඳවාතබාගැනීමට කහ යොදා ගනී.

අතීතයේ ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ  ද රාජ කුමාරිකාවන් විසින් සමේ දීප්තිමත් සුන්දරත්වය රඳවා තබා ගැනීම, රූප ස්වභාවය වර්ධනය කර ගැනීම උදෙසා කහ භාවිතා කරන ලද බව පුරාණ ග්‍රන්ථ වල සඳහන් වේ.

ඖෂධීය ගුණ අතින් ගත් විට සමට වඩාත් හිතකර මෙන්ම විෂබීජ නාශක ගුණයෙන් අනූන කහ සම පැහැපත් කිරීමටද උපකාරී වන අතර බැක්ටීරීයා සහ වෛරස් ආසාදන දුරලීමටද හැකියාවක් දක්වයි.

එමෙන්ම කේශාන්තයේ සිට පාදාන්තය දක්වා රෝග නිවාරණය කරන මහඟු ඔසුවක් ලෙසද කහ සැළකේ.

මෙවන් මහඟු ගුණ සහිත Lever ayush කහ නිෂ්පාදන සමග ඔබේ සොඳුරු රුව සුරකින්න ඔබටත් හැකියාව තිබේ.