සහිඳ ලවණ

ආයුර්වේදයෙහි එන නිරෝගීම ලවණය ලෙස සළකන්නේ සහිඳ ලවණයි.  පාකිස්තානයේ පංජාබ් ප්‍රදේශයෙන් රැස් කර ගනු ලබන හිමාල ලුණු (Himalayan Salt) හෙවත් සහිඳ ලුණු ලා රෝස පැහැ වර්ණයක් පෙන්වයි.

රසායනික සංයුතිය අතින් ගත්විට මේස ලුණු වලට සමාන හිමාලයානු ලුණු හෙවත් සහිඳ ලුණු වල සෝඩියම් ක්ලෝරයිඩ් 98%ක් අඩංගු වේ.

හිමාලයානු ලුණු හෙවත් සහිඳ ලුණු මේස ලුණු වලට වඩා වෙනස් වන්නේ එහි අඩංගු පොටෑසියම්, මැග්නීසියම් සහ කැල්සියම් යන ඛනිජ ලවණ අඩංගු බැවිනි. සහිඳ ලුණු රෝස පැහැයක් ගැනීමටද හේතුවන්නේ එහි ඇති මෙම ඉහත කී ඛනිජ ලවණයන්‍ ය.

සහිඳ ලුණු අල අඩංගු සංඝටක පරිවෘත්තිය වේගය වැඩි කරන අතර, ශරිරයේ pH අගය පවත්වාගෙන යාමටද උපකාරී වේ. සහිඳ ලුණු දත් සුදු කිරීමේ දී භාවිතා කළ හැකි ආයුර්වේද ඔසුවක් ලෙස සැළකේ.

වර්ථමානයේ දන්තලේප බොහෝමයක් ඒවායේ ලුණු අඩංගු වන බව පවසයි. නිරෝගී දත් සඳහා ඈත අතීතයේ සිටම ලුණු භාවිතා කරන ලද බව අප දන්න කරුණක් වන අතර එමෙන්ම එය ඈත අතීතයේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහාද භාවිත කරන ලදුව ඇත.

උණුසුම් ලුණු වතුරෙන් මුඛය සේදීම විදුරුමස් ආසාදන සහ ඉදිමීම් අවම කිරීම සඳහා අදටත් අපේ නිවාසවල භාවිතා කිරීමට හේතුව ලුණුවල අඩංගු වන ස්වාභාවික විෂබිජ නාශනය කිරීමේ හැකියාවයි.

පුරාණයේ දත් පිරිසිඳු කිරීමේ කුඩු වල ලුණු ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස අඩංගු වූ අතර, දත් වල පැල්ලම් අවම කර නිරෝගී සුදුවන් දත් දෙපෙළක් ලබා ගැනීම සඳහාද භාවිතා කර හැක.

දන්ත සෞඛ්‍යය සඳහා මූලික වශයෙන් වැදගත් වන කරුණ වන්නේ මුඛය විෂබීජහරණය කිරීමයි.

හිමාලයානු ලුණු හෙවත් සහිඳ ලවණ ඉන්දියානු දන්ත වෛද්‍ය ක්‍රමයේදී භාවිතා කරන අතර පුරාණ ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ වල කියවෙන පරිදි සහිඳ ලවණ හෙවත් හිමාලයානු ලුණු මගින් සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි රෝගා බාධ සමනය කිරීම සඳහා මෙන්ම ආහාර දිරවීම සඳහාද භාවිතා කරයි.

සහිඳ ලුණු සින්ක්, නිකල්, කොබෝල්ට්, මැංගනීස් සහ තඹ යන සංඝටක ප්‍රධාන වශයෙන් අඩංගු අමුද්‍රව්‍යයකි.

ඉහත කී කරුණු වලට අමතරව රුධිරයේ සීනි නියාමනය කිරීම, හෝමෝන සමතුලිත කිරීම, ආහාර ජීර්ණය වැඩි කිරීම වනි කරුණු සඳහාද යොදා ගත හැක.

රෝස හිමාලයානු ලුණු හෙවත් සහිඳ ලවණ අඩංගු ජලයෙන් නිතිපතා මුව සේදිම, විදුරුමස් වලින් අහිතකර බැක්ටීරීයා ඉවත් කර දැමීමට උපකාරී වේ.