ඉන්දුනීසීයාවේ මලුකු දුපත් වලට ආවේණික කරාබු ශාකයේ හටගන්නා මල් පොහොට්ට්ටු කරාබු නැටි ලෙස හඳුන්වනු අතර ශ්‍රී ලංකාවේද කරාබු ශාකය අපට දැක ගත හැක.
කුළු බඩු වශයෙන් පමණක් නොව සෞඛ්‍යයමය වශයෙන්ද බොහෝ ප්රතිලාභ ලැබෙන බැවින් කරාබු නැටි වැදගත් ශාකසාර අමුද්‍රව්‍යයක් ලෙස සළකයි.
කරබු ශාකයේ ඇති ඖෂධීය ගුණ පිළිබඳව සළකන විට දන්ත රෝග පමණක් නොව ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මල පහ බුරුල්ව යෑම, අජීරණය, බඩේ වාතය පිරීම, වමනය යෑම වැනි රෝග සුව කිරීම සඳහාද කරාබු නැටි භාවිතා කළ හැක.
මුඛාශිතව ඇතිවන විදුරුමස් ඉදිමීම් සහ දත් කැක්කුම් වැනි රෝග සමනය කර ගැනීම සඳහා කරාබු නැටි වල අඩංගු වන ඉයුජිනෝල් සංඝටකය උපකාරී වේ.
බොහොමයක් දන්තාලේප සෑදීමේදී කරාබු නැටි සාරය බහුලව යොදා ගනී. එහි ඇති විෂබීජ නැසීමේ ගුණ සහ මුඛ සුගන්ධය ඇති කිරීමේ හැකියාව දන්තාලේප නිෂ්පාදනයේදී වඩාත් සැළකිල්ලට ගනී.
ආයුර්වේදයේදී තෛල වර්ග, චූර්ණ වර්ග සෑදීමේදී මෙම කරාබු නැටි බහුලව භාවිතා කරයි. සෙම් රෝග ඇතුළු ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග නිවාරණය කිරීම සඳහා මෙන්ම වැටීම් , තැළීම්, ඉදිමුම් සහ වේදන ආදිය සමනයටත් කරාබු නැටි භාවිතා කරයි.
කරාබු නැටි වල අඩංගු ඉයුජිනෝල් සංඝටකය එය සතු වන වේදනා නාශක ගුණයන් හේතු කරගෙන මුඛයේ ඇතිවන දත් කැක්කුම් වේදනාවන් සමනය කිරීමට කරාබු නැටි යොදා ගනී.
දත් කැක්කුම් ඇති වූ විට පිරිසිඳු කපු පුළුන් කැබැල්ලක කරාබු නැටි තෙල් ගල්වා දතේ තැවරීමෙන් හෝ කරාබු නැටි කෑල්ලක් සපා වේදනාව අවම අර ගැනීමද අදටත් බොහෝ ලාංකේය නිවෙස් වල දැකිය හැකි ශාකසාර සත්කාරයකි.
දත් රෝග නිවාරණය කිරීම සහ දත් කැක්කුම් ඇති වූ විට එම වේදනාව සමනය කිරීම සඳහා ඈත අතීතයේ පටන්ම භාවිතා කරන ලද ශාකසාර අමුද්‍රව්‍යයක් ලෙස කරාබු නැටි සහ කරාබු නැටි තෙල් හැඳින්විය හැක.
විෂබීජ නාශක ගුණය නිසා ආසදන ඇති වීම වළක්වන ගුණ සහිත කරාබුනැටි ආයුර්වේදයේ විවිධ ඔසු සෑදීම සඳහාද භාවිතා කරයි.
ශිතජය, පුප්ඵුටය, දන්ත වේෂ්ඨය, සෞෂිරය, මහා සෞෂිරය, පරිදරය, උපකුශය, වෛදර්භය, බලිවර්ධනය, අධිමාංශය, පංච දන්තනාලිය, දන්ත දාලනය, ක්‍රිමි දන්තය, දන්ත හර්ෂය, භඣ්ජනකය, දන්ත ශර්කරාය, කපාලිකාය, ශ්‍යාව දන්තය, අනුමෝක්ෂය, ත්රිදෝෂජය යන විසි වැදෑරුම් දන්ත රෝග නිවාරණය සඳහා ආයුර්වේදයේ කරාබුනැටි යොදා ගන්නා ලදී.