නූතන ජීවන රටාවේ අහිතකර ප්‍රතිඵල නිසා අද පාරිභෝගිකයන්ට විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදු වී තිබේ. මෙසේ පැන නගින පාරිභෝගික ගැටළු වලට සොබා දහමේ ගුණ කැටි කරගත්, ඉපැරැණි ආයුර්වේද වට්ටෝරුවකට අනුව සැකසූ නිෂ්පාදන පෙළක් ඔස්සේ විසඳුම් ලබා දීම Lever ayush අපගේ උත්සාහයයි.
අපගේ කාර්යබහුල දින චර්යාව හේතුවෙන් ඇතිවන උග්‍ර ආතතිය, ප්‍රමාණවත් නින්දක් නොමැති වීම, අහිතකර ආහාර සහ පාරිසරික දූෂණය වැනි ගැටලු නිසා අපගේ සිරුරේ නිරෝගීභාවයට අහිතකර බලපෑම් ඇති කරයි.
එහෙත් මෙම ගැටළුවලට විසඳුම් වසර පන්දහසක් ඉපැරණි දැනුම සහිත ආයුර්වේද ග්‍රන්ථවල ලියැවී ඇති බව ඔබ දැන සිටියාද?
ආයුර්වේදයේ මුලික අරමුණක් වන්නේ ජනතාවගේ නිරෝගී බව රැකගැනීමට උපකාර කරන අතරම
රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමයි.
Lever ayush හි ඇති විශේෂත්වය වන්නේ අපෙන් ඔබට එදිනෙදා ජීවිතයේදී සොයාගැනීමට අපහසු ආයුර්වේද ඖෂධ රැසක් එකට මුසු කොට සෑදූ ආයුර්වේද තෛල, චූර්ණ සහ කල්ක සමඟ ඉතා බලසම්පන්න ස්වභාවික අමුද්‍රව්‍ය වන කහ, කුංකුම, කොහොඹ, කීකිරිදිය කරාබු නැටි, කෝමාරිකා සහ සහිඳ ලවණ වැනි දෑ අඩංගු වීමයි .
එහි ප්‍රතිඵලයක් ලෙස lever ayush නිෂ්පාදන වල අන්තර්ගත සෑම ඖෂධයක්ම ඔබේ සම, හිසකෙස් මුහුණ හා දත් සඳහා ඉතාමත් හිතකර හා ගුණදායක වේ.
මෙලෙස අපගේ මුතුන්මිත්තන් විසින් නිර්මාණය කරනු ලැබූ ආයුර්වේද වට්ටෝරුවල සැඟව තිබූ ආයුර්වේද සාරය දැන් Lever ayush සැම නිෂ්පාදනයක ම අන්තර්ගත වී ඇත.
අතීතයේ පටන් අපේ මුතුන් මිත්තන් විසින් සම සුවපත් කිරීම සඳහා ගත් කෝමාරිකා, සම සොඳුරු කිරීම උදෙසා භාවිතා කරන ලද කුංකුම ආදිය මෙන්ම, විෂබීජ නසා සිරුර පිරිසිඳුව තබා ගැනීම සඳහා යොදාගත් කොහොඹ, කහ ආදියෙන් සුසැදි Lever ayush නිෂ්පාදන සමග ඔබත් ඔබේ දිවිය සුවපත් කරගන්න.